Friday 3rd of July 2026

English Tamil
Advertiesment


සිල්වත්-ගුණවත්-ධර්මධර භික්ෂූන් වහන්සේලා වචී දුෂ්චරිතයෙන් වැළකෙති


2026-05-16 1339

 

සිවුර වෙනුවට චීත්ත පොරවා නොගනිති

 

සංඝ සමාජය වෙනුවට ළිඳ ළඟ සංඝමයට වැඩම නොකරති

 

 

බුදු දහමට අනුව කර්මයක් යනු යම් ක්‍රියාවක් සඳහා මූලික වන චේතනාවයි. ඒ අතරින් වචනය (මුඛය) මූලික කර ගෙන සිදු කරන සචේතනික ක්‍රියා වාචික කර්ම (වචී කර්ම) ලෙස හැඳින්වේ. මේ වාචික ක්‍රියා යහපත් (කුසල) සහ අයහපත් (අකුසල) වශයෙන් කොටස් දෙකකට බෙදේ.

අකුසල වාචික කර්ම (වචී දුෂ්චරිත 4) වචනයෙන් සිදු වන අයහපත් සහ අන් අයට හානිදායක ක්‍රියා හතරකි. මුසාවාදය යනු බොරු කීමය. එනම් අනුන් රවටා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට හෝ වෙනත් අරමුණක් සඳහා සිතාමතා අසත්‍ය ප්‍රකාශ කිරීමය.

පිසුනාවාච යනු කේලාම් කීමය. එනම් පුද්ගලයන් දෙදෙනෙකු හෝ කණ්ඩායමක් අතර භේදයක්, අසමගියක් ඇති කිරීමේ අරමුණින් එකිනෙකාට මාරුවෙන් මාරුවට කේලාම් කීමය.

පරුසාවාච යනු අවලාද නැගීම සහ රළු වචන කීමය එනම් අනුන්ගේ සිත් රිදවීම, කෝපයට පත් කිරීම හෝ පහත් කොට සැලකීම අරමුණු කර ගෙන දරුණු, රළු සහ අපහාසාත්මක වචන භාවිත කිරීමය.

සම්ප්‍රප්පලාප යනු හිස් වචන සහ වෙහෙස කර කතා කියා සිටීමය. එනම් කිසිදු ප්‍රයෝජනයක් නොමැති, තමාගේත් අනුන්ගේත් කාලය නාස්ති කරන ඕපාදූප සහ අර්ථ විරහිත දේ නිරන්තරයෙන් දොඩමින් භව ගමන දිගු කර ගැනීමය.

Advertiesment